Colombo Today Local News

සූර් වෙන්න ගහලා පොලීසියට විරුද්ධව උසාවි වහළට නැගලා

මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු කළ බව පවසන පුද්ගලයකු අද (18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ විරෝධතාවයක යෙදී සිටියි.

වයස අවුරුදු 55ක් පමණ වන පුද්ගලයකු මෙසේ විරෝධතාව⁣යක නිරතව සිටින අතර ඔහු මත්පැන් පානය කර ඉන් පසුව අධිකරණයේ වහල මතට ගොඩවූ බව සිද්ධිය දුටුවන් කියයි.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන්ද සමඟ එක්ව පොලිස් නිලධාරීන් ඔහු වහලෙන් බස්සවා ගැනීම සඳහා උත්සාහයක යෙදී ඇත.

තමන්ට නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් නිකරුණේ නඩුවක් ගොනු කර තිබූ බව ඔහු මැල්සිරිපුර පොලීසියට එල්ල කරන චෝදනාවවේ.

Related posts

දඩුවමට උරණ වූ සිසුන් දෙදෙනෙක් පාසලට ගිනි තියයි

colombotoday

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

සිරමැදිරියේ බූරු ගැස්සූ ඕ.අයි.සීට ඇප

Admin

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි සමගි ජනබලවේගයේ මහලේකම්ට ලිපියක්

colombotoday

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

colombotoday