Colombo Today Local News

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18)දින පැවැත් වෙයි.

ඒ අනුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මාන ප්‍රදානය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත් වේ.

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමීම සිදුවේ.

Related posts

ව්‍යවස්ථා සංශෝධනයෙන් සිංහල සහ දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂා කිරීමට යෝජනා කෙරේ

colombotoday

උසස්පෙල උත්තරපත්‍ර සමීක්ශන පිලිබද තීරණයක්

Admin

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

මලික් – කබීර් බැදුම්කර කොමිසමට කැදවයි.. ජනපති හමුවෙයි.. අගමැතිගෙන් උපදෙස් ඉල්ලයි !

colombotoday

නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි

Admin

එස්.බී. ගේ – විමල්ගේ “අශූචි” සටන තවත් උණුසුම් වේ.. (Video)

colombotoday