ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතාව ශක්තිමත් කිරීම යටතේ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇති අතර එම ගිවිසුම යටතේ බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් සඳහා සුර්යබල විදුලි පහසුකම් සලසා ගැනීම පිණිස අමෙරිකානු ඩොලර් මිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව, දැනටමත් එළඹ ඇති අවබෝධතා ගිවිසුමට අදාළ සංශෝධන සිදු කරමින් නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.