පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබේ.
එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය බිඳීගොස් තිබේ.
එරට වේලාවෙන් අද උදෑසන 10ට පමණ එම සිද්ධිය සිදුවී තිබේ.
අදාළ හෙලිකොප්ටර් යානයේ ගමන් කළ මගීන්ගෙන් 05 දෙනෙක් විදෙස් ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා යානයේ නියමුවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.