Colombo Today Local News

“ගෙදරක ප්‍රශ්න ඇති වුනාම එක පාරම “ඩිවෝස්” වෙන්නේ නෑ..” – අර්ජුන

arjuna

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තීරණ ගැනීමේදී පක්ෂයට වඩා රට ප්‍රමුඛත්වයෙහිලා සලකන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය. දෙපාර්ශවය එක්ව රට හදන, රට ඉදිරියට ගෙනයන එම ක්‍රමවේදය සමඟ සියලුදෙන එක්විය යුතු බවත් අමාත්‍යවරයා පැවසූයේ ‘ගමේ පන්සල ගමට සවියක්’ වැඩසටහන හා එක්වෙමිනි.

දූෂිතයන් දුටු තැන අල්ලා සිරභාරයට ගැනීම නොව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

“ ගෙදරක ප්‍රශ්න ඇති වුණාම එකපාරම දික්කසාද වෙන්නේ නැහැනේ. සාකච්ඡා මාර්ගයෙන් ඒ ප්‍රශ්න විසඳගන්නවා. ඒ වගේ තමයි වත්මන් ආණ්ඩුවත්. අපි අසතුටු දේවල් තියෙනවා. නමුත් ඒ දේවල් හදාගෙන ඉදිරියට යන්න අපිට හැකිවෙන්න ඕන. බොහෝදෙනෙක් හිතනවා වැරදි කරලා තියෙනවා කියලා දැනගත් ගමන් හිරේ දාන්න ඕන කියලා. නමුත් ඒ ක්‍රමවේදය අපි ඇති කරලා නැහැ. අපි කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඕනම පුද්ගලයෙකුට අපි නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා කිව්වා හිටපු ආරක්ෂක ලේකම්තුමා සහ හමුදා ප්‍රධානීන්ට මෙවැනි දේවල් කරනකොට ක්‍රමවේදයක් ඇතිව එය සිදු කරන්න කියලා. නමුත් ජනාධිපතිතුමා කියලා නැහැ වැරදි කරන පුද්ගලයෙක්ට කවදාවත් දඞුවම් දෙන්න එපා කියලා. එතුමා කියලා තියෙන්නේ කරන ක්‍රමය හරි විදියට කරන්න කියලා. ඒකාබද්ධ විපක්ෂය කියලා පක්ෂයක් ඇත්තටම නැහැ. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි අද තීරණ ගන්නේ පක්ෂය ගැන නෙවෙයි රට ගැන හිතලයි. ඒක නෙවෙයිද අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය යැයිද කීය

Related posts

බැඳුම්කරෙන් රජයට කෝටි 1000ක පාඩුවක්.. පාඩුව තිස් අවුරුද්දක් පුරා විඳගන්න වෙයි !

colombotoday

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

colombotoday

අවාරයේ ශ්‍රී පාදස්ථානයට යන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ගන්න වෙයි

Admin

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

colombotoday

ජනපති ‘සිරිසේන’ – විමල් සුහද පිළිසදරේ !

colombotoday

ෆේස්බුක් වාරණයට සූදානම්..? ජනමාධ්‍ය ලේකම් කියයි (VIDEO)

colombotoday