Colombo Today Local News

බලපත්‍ර කාලය ඉක්මවූ, සාධනීය කාර්යයන් සිදුකර නැති විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි

විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර දී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘති බලපත්‍ර අහෝසි කිරීමට සහ ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදුකළ නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කරන ලෙස විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.

සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ දීමනා කඩිනමින් ගෙවා නිමකරන සැලසුම, නව විදුලිය මිලදී ගැනීමේ මිල සුත්‍රය, ඉදිරි මාස 18 තුළ විදුලිබල උත්පාදන සැලසුම මෙන්ම තාවකාලික බලපත්‍ර ලබා දී ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කරුණු පිළිබඳව අවධානය යෙමු කළ බව ද අමාත්‍යවරයා පවසයි.

2023-2026 සහ 2026-2030 වර්ෂ සදහා වන පුනර්ජනනීය බලශක්තිව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ සැළසුම පිළිබඳ සමාලෝචන රැස්වීම අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.

Related posts

අදත් විදුලි කප්පාදුවක්

colombotoday

යොවුන් පුරේදී උඩ අරින්න යද්දී ගූගල් බැලුමේ හුලං යයි

colombotoday

මැතිවරණයක් අත ලග ? මූලික සංවිධාන වැඩ ඇරඹීමට මැතිවරණ කොමිෂමෙන් තීරණයක්

colombotoday

‘කොටි හඬ’ට පණ එයි! යළිත් විකාශණය ඇරඹේ

colombotoday

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

colombotoday

රනිල් දේශපාලන ගමන නිමාකරයි පාර්ලිමේන්තුවටත් තරඟ නොකරයි

Admin