World

කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල පුපුරා යුක්රේනයේ නගර 80 යට වෙයි

රුසියානු හමුදා පාලනය යටතේ පවතින දකුණු යුක්රේනයේ කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල අද උදෑසන පුපුරා ගොස් ඇතැයි රුසියන් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

වේල්ල පුපුරා යාම හේතුවෙන් නෝවා කකොව්කා නගරය ජලයෙන් යටවී තිබේ. තවමත් එම නගරයේ මීටර් 11 ක ජල මට්ටමක් තිබෙන බව රුසියන් ටුඩේ පුවත් සේවය පෙන්වා දී ඇත.

වේල්ල පුපුරා ගිය අවස්ථාවේ ඉන් පහළ ප්‍රදේශයේ දිනිප්‍රෝ ගංගාව දෙපස ජීවත් වූ ජනතාවට තම ජීවිත බේරා ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරන ලෙස නිවේදනයක්ද නිකුත් කිරීමට කර්සන් හි හමුදා පාලන අධිකාරිය කටයුතු කර ඇත.

කකොව්කා ජල විදුලි බලාගාරය ඉදිකර ඇත්තේ යුක්රේනයේ විශාලතම ජලාශය ආශ්‍රිතවය.

වේල්ල පුපුරා යාම හේතුවෙන් දවස් 4ත් 5ත් අතර කාලයක් ජල ධාරාවක් පහළට ගලා එනු ඇති බවත් ඉන් නගර 80 වක් පමණ ජලයෙන් යටවිය හැකි බවත් යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

රුසියානු හමුදා පාලනය යටතේ පවතින මෙම විදුලි බලාගාරයේ වේල්ල පුපුරුවා හැර ඇත්තේ රුසියානු හමුදාව විසින් යැයි යුක්රේන බලධාරීන් චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ යුක්රේන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් වේල්ල පුපුරා ගිය බවත් මෙය යුක්රේන හමුදාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත්ය.

Related posts

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

colombotoday

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

colombotoday

හමුදා දුක්ගැනවිලි අන්තර්ජාලයේ කීවොත් දඬුවම් !

colombotoday

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

colombotoday