අද (06) උදෑසන හබරණ – ත්රිකුණාමලය මාර්ගයේ සිංහගම ප්රදේශයේදී සිදුවූ මාරක අනතුරකින් දෙදෙනෙක් මියගොස් තිබේ.
ත්රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ලිස්සා ගොස් අනෙක් පැත්තට ධාවනය වෙමින් තිබූ ප්රයිම් මූවර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පවසයි.
වෑන් රථයේ රියදුරා, කාන්තාවක්, තවත් අයෙක් සහ ප්රයිම් මූවර් රථයේ රියදුරා හා සහායකයා ඉන් බරපතළ තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළු කර ඇති අතර පසුව වෑන් රථ රියදුරා සහ කාන්තාව මරණයට පත්ව ඇත.
ඔවුන් කින්නියා ප්රදේශයේ පදිංචිකරුවන්ය.