Colombo Today Local News

බම්බලපිටියේ ඩ්‍රෝන යානාවක් යැවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

බම්බලපිටිය දුම්රිය පොළ ආසන්නයේ ඊයේ (5) රාත්‍රියේ ඩ්‍රෝන යානාවක් අනවසරයෙන් ගුවන් ගත කළ සරසවි සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික සරසවියක ඉගෙනුම ලබමින් සිටින (22) හැවිරිදි තරුණයෙකි.

මෙම තරුණයා දුම්රිය පොළ ආසන්නයේ ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කරමින් සිටියදී. බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් හමුදා මුරපොළේ කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සරසවි සිසුවාගෙන් ප්‍රශ්න කරමින් බම්බලපිටියේ අවන්හලකට වසරක් පිරීම නිමිත්තෙන්, ඊයේ (5) දිනයේ එය සැමරීම සඳහා මෙලෙස ඩ්‍රෝන යානා ව ගුවන් ගත කළ බව ප්‍රකාශ කර ඇත.

සරසවි සිසුවා සහ ඔහු භාරයේ තිබූ ඩ්‍රෝන යානාව බම්බලපිටිය පොලීසියට බාර දී ඇත.

Related posts

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

colombotoday

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

මා අටලෝ දහමින් කම්පා වෙන්නේ නෑ – මඩ ප්‍රචාර සහ “සිංහලේ” පිළිබදව බොදුබලේ ඩිලන්තගේ මාධ්‍ය නිවේදනය

colombotoday

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

colombotoday

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

colombotoday