Colombo Today Local News

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරන්නේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතුයි.

Related posts

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday

හම්බන්තොට-කොටුව අධිවේගී බස් සේවාව හෙටින් ඇරඹේ… ගාස්තු මෙන්න

colombotoday

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

colombotoday

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin