Colombo Today Local News

ජාතික ප්‍රතිපත්තියක මූලික පියවර සැලසුම් කරමින් සිටිනවා – ජනපති රනිල් කියයි

රටෙි පාලනය සකස් විය යුතු ආකාරය පිළිබඳ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික පියවර මේ වන විට සැලසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව කීය.

පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා රටෙි ගැටලු මතුවු බව ද ජනාධිපතිවරයා කීය.

ජාතික නීතිඥ සමුළුවේ දෙවැනි දින සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

Related posts

හිටපු ජනපතිගෙන් හා අගමැතිගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගැනීමට නියෝග

colombotoday

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයි

colombotoday

ජයග්‍රහණය වෙනස්ම විදිහකට සැමරූ මතුගම පොහොට්ටුවේ අපේක්ෂකයා (PHOTO)

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නෑ – මහින්ද

colombotoday