Colombo Today Local News

කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්.. සිසුන් අටක් රෝහලේ !

මුලතිව් කෝකිලායි සිංහල පාසලේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් අතරතුර දී අසල තිබූ කසල ගොඩක සිදු වූ පිපිරීමක් හේතුවෙන් කම්පනයට පත් පාසල් සිසුන් 8 දෙනකු අද ( 18) උදෑසන මුලතිව් මාන්චෝලෙයි රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

ඩෙංගු මර්දන වැඩසටහන අතර පාසල් සිසුන් විසින් එක් රැස් කරගන්නා ලද කසල එකතු කොට ගිනි තබා ඇති අතර එහිදී එක් කසල ගොඩක් හදීසියේම දැඩි ශබ්දයකින් පුපුරා යාම හේතුවෙන් අසල සිටි සිසු සිසුවියන් හට කම්පන තත්වයක් ඇතිවී තිබේ.

මුලතිව් පොලීසිය කියා සිටියේ පිපීරීමෙන් කිසිවකුට හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නැති බවත් කිසියම් වූ පුපුරණ ද්‍රව්‍යයක් තිබී කසල ගොඩ පුපුරා යන්නට ඇති බවට සැක කරන බවත්ය.

Related posts

සාමනේර හිමිවරුන්ට පහරදුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගර ගත කෙරේ

colombotoday

කාමර හබය නිමයි.. අලුත් කාර්යාලයක යාපා වැඩ බාරගනී.. මාසික කුලිය ලක්ෂ 20යි !

colombotoday

“ගෝඨා වැඩේ කරන්න කිව්වා”- විනාඩි 7න් ගත් තීරණයක් ගැන ෆොන්සේකා හෙළි කරයි

colombotoday

ජයශ්‍රීට වාණිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

colombotoday

ක්‍රිකට් ලෝක කුසලානය ගැන මරික්කාර්ගෙන් අනාවැකියක්…

colombotoday

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

colombotoday