Colombo Today Local News

ඥාණසාර හිමි ඌව වෙල්ලස්සේ.. සදහම් චාරිකාවේ (Photo)

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල ආගමික හා සමාජයීය කටයුතු රැසකට දින දෙකක් පුරා සහභාගි විය.

වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේදී උඩරට අමරපුර නිකායේ මහා නායක අති පුජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති හිමියන් මහා නායක ධුරයට පත්විම නිමිත්තෙන් උපහාර උත්සවයක් පැවැත්වුණු අතර, එහිදී රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙ ප්‍රධානත්වයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් බෝධි පුජාමය පිංකමක්ද පැවැත්විය.

පැමිණසිටි පිරිස හට අනුශාසනා කරමින් ඥාණ සාර හිමියන් ප්‍රකාශ කර සිටියේ විවිධ බාධක රැසකට ලක්ව ඇති මාතෘ භුමිය ඉන් මුදවා ගැනීමට සියළු දෙනා සමගියෙන් එක්විය යුතු බවය.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1509579979080275/” width=”580″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

මැණික් ගලක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 14ක් කොල්ලකෑ කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

Admin

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

“මයිලෝ“ පාසල්වල විකිණීම නීති විරෝධීයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අධිකරණයට

colombotoday

විමල්ගේ මීළග පිම්ම මෛත්‍රී ළගටද.. පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි (Video)

colombotoday

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday