2020 ජනාධිපතිවරණයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්රීලනිප ඇමතිවරුන් ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ශ්රීලනිප ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය අගහරුවාදා පැවති සතිපතා හමුවේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයාගෙන්ද විමසීමක් කර ඇති අතර ජනපතිවරයා ඊට ප්රතිචාරයක් දක්වා නොමැති බවද සදහන්.