Colombo Today Local News

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

තබ්බෝව අභය භූමියට හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 175 ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ. ෆුඞ් සමාගම යටතේ ක්‍රියාත්මක වන එච්.වී.ඒ. ෆාම් වගා ව්‍යාපෘතිය සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මැදිහත් වීමෙන් පසුගිය 20 වැනිදා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එදිනම මේ සදහා අනුමැතිය ලැබී ඇත.

එච්.වී.ඒ.ෆූඩ් සමාගමේ සභාපතීන්වය දරන්නේ ඇමති සරත් අමුණුගමගේ  බෑණා වන රොහාන් ප්‍රනාන්දු නමැත්තෙකි. 

පලතුරු ගොවිපොළක් ලෙස පවත්වාගෙන යන මුවාවෙන් සංචාරක හෝටල් ඉදිකර මෙය සංචාරක කලාපයක් බවට පත් කිරීමේ යටි අරමුණ ඇතිව මෙම ඉඩම් ලබාගෙන ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

පුත්තලම වනාත විල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ අච්චිමලේ ප්‍රදේශය ආශ්‍රිතව මෙම ගොවිපොළ පිහිටුවා ඇත. නීති විරෝධී ඉඩම් ලබාදීමත් සමග තබ්බෝව අභය භූමිය සහ වීරප්පුඩිචෝලෙයි වන සංරක්ෂිතයට අයත් වන භූමියද මෙම සංහාරයේ ගොදුරක්ව ඇත.

තවද විල්පත්තුව ජාතික වන උද්‍යානයේ දකුණු මායිම වන, කලා ඔය හා සම්බන්ධව ඇති වන උද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි රක්ෂිතයෙන්ද ඉඩම් ලබා දී ඇත.

මෙම නීති විරෝධී කැබැනට් අනුමැතිය ලබාදී ඇත්තේ අණපණත් කිහිපයක් උල්ලංඝනය කරමිනි.

ඒ අනුව සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත,වයඹ පළාත් පරිසර ප‍්‍රඥප්තිය සහ පුරාවස්තු ආඥා පනත උල්ලංඝණය කර ඇත.

2001 වසරේදී පුත්තලම දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක කමිටුව මගින් මෙම නීති විරෝධී ඉඩම් මංකොල්ලය සහ පරිසර විනාශය පිටු දක්මින් නඩු පැවරු අතර එහිදී විකල්ප ඉඩම් ලබා දෙන බවට තීරණය කෙරිණි.

නමුත් විකල්ප ඉඩම් ලෙස මෙම වනාන්තර කොටස්ම ලබා දීම විසදුම නොවන බව පරිසරවේදීන් පවසයි. තවද හානිය නිසා වන සංරක්ෂිතයේ වටිනාකම් නැති වී ගොස් සාමාන්‍ය ජනතාව පවා ඉඩම් අල්ලා ගැනීමේ අවදානමක්ද ඇත.

මෙම වන සංහාරයේ ප‍්‍රතිඵලයක් ලෙස වන පෝෂක කොටස් විනාශ වීම, අලි ඇතුළු අනෙකුත් සතුන්ගේ වාසස්ථාන විනාශ වීම, වගාවන්ට අවශ්‍ය වතුර සිදීයාම ඇතුළු ගැටළු රැසක් උද්ගත වන බව පවසන පරිසරවේදීන් මේ සදහා කඩිනම් විසදුම් ලබා ගත යුතු බවද අවධාරණය කරයි.

වගා බිමේ ස්ථාපිත කර තිබූ රක්ෂිතයේ මායිම් කණු (මේ වන විට ඉවත් කර ඇත)
වගා බිමේ පිවිසුම

Related posts

නව බන්ධනාගාර කොමසාරිස් වරයෙකු පත් කරයි

colombotoday

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin

IMF නිලධාරීන් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම ගැන මූලික එකඟතාවයකට පැමිණෙයි

colombotoday

සඟවා තිබූ සහල් තොගයක් සොයා ගැනේ..

colombotoday