Colombo Today Local News

‘මට කැලෑපාලුවා.. කුඩු ජාවාරම්කාරයා කියන හාමුදුරුවෝ ගැන බලාගන්නම්‘ – බදුර්දීන්ගෙන් රතුඑළි

රත්මලාන සතොස ගබඩාවේ තිබී හමුවූ කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමියන් තමන්ට එල්ල කරන චෝදනාව පිළිබදව තම නීතීඥවරුන් මාර්ගයෙන් උන්වහන්සේට එන්තරවාසියක් යැවීමට කටයුතු කළ බවත්, උසාවියේදී උන්වහන්සේ ගැන බලාගන්නා බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

ආදළ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමියන් සතොසට ගෙනා සීනි ආනයනය කළ කන්ටේනරයක තිබී හමුවූ කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් බදියුදීන් අමාත්‍යවරායට සහ ඔහුගේ සොහොයුරාට සෘජුවම චෝදනා කර සිටියේය. අමාත්‍යවරාය විසින් විල්පත්තු රක්ෂිතයේ කරගෙන යන මහා වන විනාශයට එරෙහිව ආනන්දසාගර හිමියෝ දිගින් දිගටම පෙනී සිටි අතර, වරක් පැවති විරෝධතාවකදී එහිමියන් විසින් තමාට ‘කැලෑ පාළුවා‘ කීවේ යැයි පවසමින් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි.

[fbvideo link=”https://www.facebook.com/protectvilpattu/videos/2040028402891593/” width=”580″ height=”400″ onlyvideo=”1″]

පාහියංගල ආනන්දසාගර හිමියන් කළ ප්‍රකාශය

Related posts

වහ කන්නයි වෙලා තියන්නෙ.. සෑම නිවසකටම වස කුප්පියක් ලබා දීමට අයවැයෙන් ප‍්‍රතිපාදන ඕනෑ

colombotoday

‘ඉන්නවනම් කටවහගෙන ඉන්නව.. බැරිනම් යනවා‘ – අගමැති රන්ජන්ට තරවටු කරයි !

colombotoday

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

colombotoday

රටටම වැසි, උතුරත් යටවෙයි, දහස් ගණනක් අවතැන්

colombotoday

අසේල සම්පත් අද අධිකරණයට. “මල්ලිට පහර දුන්නා” දියණිය කියයි. “නොමිලේම නීතිඥ සහය දෙනවා” විපක්ෂ නායක කියයි.

colombotoday

මලික්, මංගල ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සමනල් කල්ලිය නිසා මිනිසුන්ට යහපාලනය තිත්ත වුනා – සුදත්ත හිමි

colombotoday