Colombo Today Local News

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

සී. එස්. එන්. නාළිකාවට එරෙහිව චෝදනා කිහිපයක් මත අධිකරණයේදී නඩු විභාගයක් සිදුවන මොහොතක එම නාළිකාවේ සංඛ්‍යාත පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මාධ්‍ය ජාලය වෙත පැවැරීමේ සැලැස්මක් පවතින බව දූෂණ විරෝධී හඬ පවසයි.

අදාළ නාළිකාවට එරෙහිව අධිකරණයේ නඩු විභාගයක් සිදුවන විටෙක එම සංඛ්‍යාත වෙනත් මාධ්‍ය ජාලයකට පැවැරීම වැරැදි ක්‍රියාවක් බව එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පෙන්වා දෙයි.

මහ බැංකු බැඳුම්කර කොල්ලය හරහා ඉපැයූ මුදලින් ආරම්භ කළ මාධ්‍ය ජාලයට සී. එස්. එන්. නාළිකාවේ එකී දත්ත ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවසරයද ඉල්ලා ඇති බව සමරසිංහ මහතා පවසයි.

නඩු විභාගයක් පවතින මොහොතක අදාළ සංඛ්‍යාත ලබා දෙන්නේද යන්න පිළිබඳව තම සංවිධානය අවධානයෙන් පසුවන බවත් එම සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බවත් ඒ මහතා පවසයි.

සමරසිංහ මහතා පවසන පරිදි දැනට සී. එස්. එන්. නාළිකාවේ කාර්ය මණ්ඩලයක් නොමැති අතර එහි සිටි ප්‍රධාන විධායක නිලධාරි මේ වන විට කටයුතු කරන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මාධ්‍ය ජාලයේ බවත් එම සම්බන්ධතා හරහා මේ ගනුදෙනුව සිදුවනු ඇති බවත්ය.

Related posts

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000යි !

colombotoday

ISIS අවදානම උග්‍රයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තරකරයි

colombotoday

ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට මරණ දඩුවම දිය යුතුයි, ඒ සදහා නීති තියනවා

colombotoday

ගුරු – විදුහල්පති විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.

colombotoday

යහපාලනේ දැන් හොදටම ඇති, කියල ජනතාව කියනවනම් ගෙදර යන්න ආණ්ඩුව ලෑස්තියි – සජිත්

colombotoday