World

‘අල්ලාහු අක්බර්’ කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට ආරක්ෂක අංශ වෙඩි තබයි

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් (Louvre) කෞතුකාගාරය අසලට ‘අල්ලාහු අක්බර්’ කියා කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට එහි ආරක්ෂාවට රඳවා සිටි සොල්දාදුවකු වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.
ලූවර්, ලොව විශාලතම කෞතුකාගාරයවන අතර, එය පැරිස් නුවර පිහිටි ඓතිහාසික මධ්‍යස්ථානවලින් එකකි.

  • ප්‍රංශය: ‘ප්‍රහාර සැළසුම් කළ පිරිසක්’ අත්අඩංගුවේ
  • ප්‍රංශ රහස් ඔත්තුසේවාව පිරික්සුමට ලක්කෙරෙයි
  • පැරිස් ප්‍රහාරය ගැන කවි ලියූ ලාංකීය කවියෝ
  • ලෝක නායකයෝ පැරිස් ප්‍රහාරය හෙළා දකිති
    කෞතුකාගාරය අසල පිහිටි භූගත සාප්පු සංකීර්ණයකට ඇතුළුවීමට ප්‍රහාරකයා උත්සාහ කළ බව විශ්වාස කෙරේ. වෙඩිවැදීමෙන් ඔහුට බරපතල තුවාල සිදුවිය.
    සූට්කේසයක් හෝ බෑගයක් ඔහු සතුව තිබුණු නමුත්, පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමු වී නැති බව වාර්තාවල දැක්වේ.
    ඉන් අනතුරුව පැරිස් නුවර දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් දියත්කර තිබෙන අතර, තත්වය ‘බරපතල’ බව ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
    ප්‍රහාරකයා පිහියක් වනමින් දිව ආ අවස්ථාවේ සොල්දාදුවා ඔහුට වෙඩි ප්‍රහාර පහක් එල්ල කළ බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව ලූවර් කෞතුකාගාරයේ සිටි සියලුදෙනා එයින් ඉවත්කර තිබේ.

Related posts

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

තායිලන්ත මහා මැතිවරණයේ ජය තරුණ නායකයාගේ විපක්ෂයට

Admin

ලෙබනනයේ පිපිරිමෙන් මියගිය ගණන ඉහළට.. ඩුබායි රාජ්‍යයේත් විශාල ගින්නක්

colombotoday

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

වයස 92යි.. සංවර්ධනයේ නියමුවා, මහතීර් මොහොමඩ් නැවතත් මැලේසියාවේ නායකත්වයට

colombotoday

ඉන්දියාවේ පුද්ගලයන් 140 කට හදුනානොගත් රෝගයක්.

colombotoday