Colombo Today Local News

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ මියන්කුලම ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයින් 3ක්, කාන්තාවන් 6 දෙනෙක් සහ දරුවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (04) සවස් කාලයේදී පොළොන්නරුව දෙස සිට සේරුවිල දෙසට ධාවනය වූ වෑන් රථයක පිටුපස ටයරය පුපුරා ගොස් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට පෙරළි අනතුර සිදුව තිබේ.

තුවාලකරුවන් වාලච්චේන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත මාරු කර යවා ඇත.

තුවාල ලැබූවන් වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් වන්දා ගමනක් යමින් සිටිය දී එම අනතුරට මුහුණ දී තිබේ.

වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පියා සහ පුතුන් දෙදෙනා ඝාතනයට සැක තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

රඹෑව ප්‍රදේශයේදි අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday