Colombo Today Local News

කිලිනොච්චියේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබීමක්

කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති මෝටර් රථ රියැදුරා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 38 ක් වන උදයනගර්, කිලිපනාච්චිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

තුවාලකරු සහ තවත් දෙදෙනකු මෝටර් රථයකින් කනකපුරම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඇති වු ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලියනාච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ඇරඹෙයි

Admin

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

colombotoday

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළගට ගිය මාලිංග අපේ රටේ නම බේරාගන්න කියපු කතාව (Photo)

colombotoday

යූ.එන්.පී. පත්වීම් 5000ක්‌ ජනපති අණින් නවතී

colombotoday