Colombo Today Local News

ගයා රම්‍ය අල්විස් දිවි ගමනට සමුදෙයි

සම්මානිත ලේඛකයෙකු, ගී පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසුවිය.

ඒ මහතා ජාතික රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කළේය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ට ගී පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුතු වන්නේ ගයා රම්‍ය අල්විස් මහතාය.

Related posts

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

Admin

කොළඹ ප්‍රදේශ 4කින් ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යයි

Admin

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

colombotoday

බොහෝ දේශපාලඥයන් භාර්යාව නිසා පිරිහෙනවා.. එලීනාගේ ගුණ වයමින් අගමැති කියයි.

colombotoday