මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව පවසයි.
එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කරන්නේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 47000 ක් වාර්තා වී ඇති බවයි.
වාර්තා වන රෝගීන්ගෙන් 75% ක්ම වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් ය.
ඩෙංගු උණ මීට පෙර කුඩා ළමුන් අතර බහුලව පැවතියත්, වර්තමානය වනවිට තරුණයින් වැඩි වශයෙන් ඊට ගොඳුරු වන බව ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.