සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්‍රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 ක දක්වා ද, ඉරිදා දිනයේ අළුයම 12.30 දක්වාද සංගීත සංදර්ශන පැවැත්විය හැකි බවත් ආගමික ස්ථාන සහ රෝහල් පවතින ස්ථානවල සංදර්ශනය පැවැත්වෙන දුර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.