Colombo Today Local News

මහා පරිමාණ වංචා දූෂණ කර රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ – ජී .එල් පීරිස්

මහා පරිමාණ වංචා දූෂණ කොට විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් දූෂණ විරෝධය පනතේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී .එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මහා පරිමාණයේ වංචාවක් දූෂණයක් කෙරුණු අවස්ථාවක ඒ මුදල ආයෝජනය කරන්නේ විදේශ බැංකුවල බවද එම මුදල් නැවත රටට ලබාගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවය බවද පීරිස් මහතා කීය.

එය ලංකාවට හුදෙකලාව කරන්න නොහැකි බව ද ජාත්‍යන්තර ආයතන සමග ඒ සඳහා අත්වැල් බැඳගත යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීම සඳහා ලෝක බැංකුවට අනුබද්ධිතව ස්ටාර් නම් ආයතනය ස්ථාපිත කර තිබෙන අතර දූෂණ වංචා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට ද ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන බව මන්ත්‍රීවරයා කීය.

අවාසනාවකට දූෂණ විරෝධී පනතේ ශ්‍රී ලංකාව අදාළ ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ කෙරෙන දම්වැලක් නැතැයි ද පනතට අවශ්‍ය හයිය ලබා දෙන්නට නම් ජාත්‍යන්තර ආයතන වල සහය ලබා ගන්නා විධිවිධාන එකතු කළ යුතු බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීය.

Related posts

කොරෝනා වෛරසයයෙන් මිය ගියොත් දේහය සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් ආදාහනය කළ යුතුයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 10ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

colombotoday

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

Admin

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday