Colombo Today Local News

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු සංචාරක සමාගමකට අයත් සබ්මැරිනයකින් පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව සිට ඇති බව සඳහන්ය.

අදාළ යාත්‍රාව තුළ දින 4කට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් පවතින බැවින් එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව අමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.

Related posts

මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදයට හේතුව නැවත ගණනය සිදු වීමයි

colombotoday

මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමුවෙයි

Admin

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin

බෝනස් කපලා… ජල මණ්ඩලය හෙට සිට අඛණ්ඩව වැඩ වර්ජනයේ

colombotoday

සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග පැහැර හරින්නේ නම් හුදකලා කිරීම් දිගටම

colombotoday

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday