Colombo Today Local News

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව ඉටු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වසරකට පෙර රට මුහුණ දී තිබූ තත්ත්වය හා අද ඇතිවී තිබෙන තත්ත්වය සංසන්දනය කිරීමේදී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට පක්ෂය ගත් තීන්දුව සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද අමාත්‍යවරයා කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ දිස්ත්‍රික් ආසන බලමණ්ඩලය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපි කවදාවත් වැඩිහිටියන්⁣ට නාකි මයිනා කියලා බනින්නේ නෑ. වයසක අයට වෛර කරන පොස්ට් දාන මිනිස්සුන්ගේ අභ්‍යන්තරය හොයලා බලන්න. ඔවුන් පුදුම කුහකයෝ. එක්කෝ දෙමාපියන්ගෙන් අතවරයට ලක්වෙලා, එක්කෝ දෙමාපියෝ නිසා අසාධාරණයට ලක් වුණ අය. වැඩිහිටියන්⁣ට වෛර කරන අය තමයි නාකි මයිනා කියලා බැන බැන අපේ වැඩිහිටියන් සමච්⁣චලයට ලක් කරන්නේ යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා කීය.

Related posts

අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය යටතේ.

colombotoday

ගඩාෆිට කරපු දේ ජනපති මෛත්‍රීට කරනවායි කියූ රත්නප්‍රිය ත්‍රස්ත විමර්ශනයට කැදවයි…

colombotoday

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ සිදු කළ වනසංහාරය ගැන වාර්තාවක් පරිසර ඇමැති ඉල්ලයි

colombotoday

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday