Colombo Today Local NewsUncategorized

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් ජාතික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

2023 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 13 වන වගන්තියේ විධිවිධාන පරිදි මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව අදාල මුදල් වර්ෂය ඉක්මවා මාස පහක් ගත වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමටත් ඉන් අනතුරුව එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් කළ යුතු වේ.

ඒ අනුව 2022 වර්ෂයේ අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

Related posts

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

“වියත් මගේදී ගෝඨාභය කීවේ 2025 අපේ ආර්ථික සැලැස්මයි” – හර්ෂ ද සිල්වා

colombotoday

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා අල්ලයි

colombotoday

උද්ඝෝෂණ තහනම් කිරීමට එරෙහිව සමගි ජනබල වේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක්

colombotoday

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

colombotoday