Colombo Today Local News

පෝලිම් හදපු පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කරනවා… ඉන්ධන ඇති තරම් තියෙනවා – ඇමති කංචන දනුම් දෙයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දීය ඔයිල් සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක් නොමැති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

එම නිසා කලබලයක් ඇති කර නොගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඉන්ධන මිල සංශෝධනය වන බවට දැනගැනීමත් සමග පිරවුම්හල් හිමියන් විසින් ඇනවුම් ලබා නොගැනීම නිසා මෙලෙස තාවකාලික හිඟයක් ඇති වී තිබෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අලෙවි නියෝජිතයන් 50% ක අවම තොගයක් පවත්වා ගත යුතු බවත් එලෙස අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට දැනුම් දී තිබේ.

එසේම ඛනිජ තෙල් සංස්ථාව සහ IOC සමාගම සතුව පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ද ඔහුගේ ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන්.

Related posts

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

උසස් පෙළ විභාගය යලි කල් යයි

Admin

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රථයේ රියදුරු තව දුරටත් රිමාන්ඩ්

colombotoday

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday