Colombo Today Local News

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

පෙබරවාරි 26 හා 27 යන දින වලදී පැවැත්වීමට සැළසුම් කර තිබු යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍ය මෙවර දේව මෙහෙයකට පමණක් සීමා කිරීමට යාපනය කිතුණු සභාව හා අදාල අංශවල නිලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව කච්චතිව් දුපතට කිසිම හේතුවක් මත බැතිමතුන්ට අවසර ලබා නොදීමට මෙහිදී තීරණය කර ඇත.

ඒ අනුව යාපනය කිතුනු පුජකවරුන් කීපදෙනකු පමණක් නියමිත දිනයේ කච්චතිව් ශාන්ත අන්තොනි මුණිදුන්ගේ දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබේ.

සාමාන්‍යයෙන් මෙරට කිතුණු බැතිමතුන් හා ඉංදියාණු කිතුණු බැතිමතුන් වාර්ෂිකව කච්චතිව් දුපතේ මංගල්‍ය සදහා දින දෙකක් දූපතට පැමිණ දේව මෙහෙයේ නිරත වන අතර මෙවර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බැතිමතුන්ට සහභාගී වීමට අවසර ලබා නොදේ.

නාවික හමුදාව වෙනත් වසරවල මෙන් සහභාගී වන පිරිස සදහා පහසුකම් පිළියෙළ කිරීමක්ද සිදු නොකරණු ලබයි.

ඒ අනුව ඉන්දියානු බැතිමතුන්ටද මෙවර කච්චතිව් දුපතේ වාර්ෂික මංගල්‍යය නොපැවෙත්වෙන බැවින් එහි නොපැමිණෙන ලෙසට දැනුම්දී තිබේ.

Related posts

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

Admin

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

දිස්ත්‍රික්ක 7 කට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කරයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday