Colombo Today Local News

කෝටි 15කට අධික රත්‍රන් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුතු රත්‍රන් කිලෝග්‍රෑම් 07ක් නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා අද (08)දින අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසිනි.

ඔහු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු නිතර ගුවන් ගමන්වල නිරත වන ව්‍යාපාරිකයෙකි.

සැකකරු අද උදෑසන 09.20ට ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු ගුවන්තොටුපොළ තුළ සිදුකෙරෙන සියලු පරීක්ෂණ නිමවා, රේගු පරිශ්‍රයෙන් ද පිටතට පැමිණ, ගුවන්තොටුපොළෙන් පිටතට යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සැකකාර ගුවන් මගියා තම ඉන ප්‍රදේශයේ පාර්සල් 08ක් ලෙස සකස්කර එම රත්‍රන් තොගය සඟවා ගෙන පැමිණ ඇත.

එම රත්‍රන් තොගය, කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 400ක් බර රන් බිස්කට් 42ක් සහ කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 600ක් බර ස්වර්ණාභරණ තොගයකින් ද සමන්විත බව වාර්තා වෙයි.

Related posts

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

5 දෙනෙකුට මරු කැඳවු බිහිසුණු අනතුර

colombotoday

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

colombotoday

මුතුරාජවෙළ තෙත්බිමේ වගුරු ආශ්‍රිත බිම් අපද්‍රව්‍ය දමා පිරිවීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට

colombotoday

රිෂාඩ් ගේ නිවසේ මියගිය දැරිය ගැන ප්‍රකාශ 30 ක්

colombotoday

වැලිකඩ බන්ධනාගාරය අමුත්තනට තාවකාලිකව වැසෙයි

colombotoday