Colombo Today Local News

වෙට්ටු දැමූ හෙරොයින් ජාවාරම්කරුවන් 2ක් එස්.ටී.එෆ්. දැලේ

මාලිගාවත්ත ලක්හිරු සෙවණ මහල් නිවස සංකීර්ණය තුළ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් දෙදෙනකු හොරොයින් පැකට් 660 ක් සමග විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මත්කුඩු වල වටිනාකම රුපියල් ලක්ෂ 10 ට අධික බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේ දී මේවා දෙමටගොඩ චමින්ද නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ පුතාට අයත් මත්කුඩු බවට හෙළි වු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මොවුන් මෙම නිවස සංකීර්ණයේ මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරම් සිදුකරන බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධ අංශය වෙත ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකම උත්සහ කර ඇති අතර මොවුන් මුදල් ගෙවා වැටලීමට එන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ඔත්තු බැලීම සදහා පත්කර ඇති ඔත්තුකරුවන් හරහා කල්තියා ඔත්තුව යාම නිසා සැකකරුවන් සැඟව සිටි බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකා බුද්ධ නිලධාරීන් දින කිහිපයක් ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිට ඊයේ (7) පස්වරුවේ සිදුකළ හදිසි වැටලීමේ දී මොවුන් දෙදෙනා එම මහල් නිවාස සංකීර්ණයේ තුන් වන මහලේ මත්කුඩු සමග රැදී සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන් දෙදෙනා සතුව හොරොයින් පැකට් 660 ක් අත්අඩංගුවට ගෙන ඇති අතරල මොවුන් මහල් නිවාස සංකීර්ණය තුළ මත්කුඩු ජාවාරම් කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අව්රුදු 52 හා 38 යන වයස්වල පසුවන්නන් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

Related posts

සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි.

colombotoday

ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව විරෝධතා.. කිරිබත්ගොඩින් නුවර පාර අවහිර වෙයි

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

colombotoday

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

ලංකාව ඇතුළු රටවල් 12කට සෞදියට ඇතුළුවීම තහනම්

colombotoday

අගමැති, ජනපති ජෝඩුව ගෝඨාගේ නමටත් බයයි.. හේතුව ගම්මන්පිල කියයි

colombotoday