Colombo Today Local News

බැදුම්කර හොර ගැසට් පත්‍රය මුද්‍රණය කල දිනය හෙළිවේ.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි

ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුවට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදී බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කර ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ෂනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසන් සභාව හමුවේ අද දිනයේදී ප්‍රකාශයක් ලබාදෙමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇත.

බැදුම්කර නිකුතුවට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහ අත්සන සහිතව 2015 ජනවාරි 01 දිනැතිව නිකුත්ව ඇති අංක 1895/19 දරණ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය මුද්‍රණය කළ දිනය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්වය නිසා, එම ගැසට් පත්‍රය මුද්‍රණය කළ දිනය සම්බන්ධයෙන් මුද්‍රණාලයාධිපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම තීරණය කළේය.

එම කූඨ ගැසට් පත්‍රය රජයේ මුද්‍රාණය වෙන නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගිනි. එම දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරන්නේ මහබැංකු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි වන අතර, ඔහු මේ වන විටද එම තනතුරේ රැදී සිටී.

සාමාන්‍ය කාර්ය පටිපාටිය අනුව මහ බැංකු අධිපතිවරයාගේ සහ, දෙපාර්තමේන්තු අධිපතිවරයාගේ නිර්දේශය හා අනුමැතිය රහිතව මහබැංකුවට එවැනි ගැසට් පත්‍රයක් නිකුත් කිරීමේ හැකියාවක් නැති අතර, මුද්‍රණයට යැවීමට පෙර අනුමැතිය ලබා ගැනීම සදහා මුදල් අමාත්‍යාංශයට යොමු කිරීම සිදුකෙරේ.

බැදුම්කර වංචාව සිදුවී අදට හරියටම වසර දෙකක් පිරේ.

Related posts

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශන මාලාව අද මැතිවරණ කොමිසමට

colombotoday

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අක්‍රමවත් ක්‍රියාකලාපය හරහා සිදුවෙන මුස්ලිම් ආක්‍රමණය

colombotoday

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි…

colombotoday

ලොකුම හෙරොයින් තොගය ගෙනා මහමොළකරුවන් හෙලිවෙයි…

colombotoday

පැතුම් කර්නර්ට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

colombotoday

සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘතයි

colombotoday