Colombo Today Local News

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අක්‍රමවත් ක්‍රියාකලාපය හරහා සිදුවෙන මුස්ලිම් ආක්‍රමණය

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ (PSC) සෞඛ්‍ය සේවා කමිටුව මගින් ඉතිහාසයේ පළමු වතාවට සුළු පිරිසක් පිනවීම සඳහා මාණ්ඩලික ශ්‍රේණියේ රජයේ නිලධාරීන් වන අයුර්වේද වෛද්‍යවරුන්ට මෙතෙක් රාජ්‍යසේවයෙහි සිදු නොවූ පරිදි තාවකාලික ස්ථාන සහිත මුල් පත්වීම ලබා දීමෙන් මෙම කුට වැඩපිළිවෙල ආරම්භ විය.

මාරු මණ්ඩලයේ නිර්දේශයන්ට පටහැනිව මෑතක පත්වීම් ලබාගත් අඩු සුදුසුකම් සහිත වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනිසි බලපෑමෙන් වාර්ෂික ස්ථාන මාරුවීම් හරහා බස්නාහිර ඇතුළු අනෙකුත් පහසුකම් සහිත ස්ථානවලට පැමිණේ. එහිදී ස්ථාන මාරු ලබාදීමේ නිර්ණායක ද උල්ලංඝනය කර ඇත.

මේ  අතර මෙහි භයානකම කරුණ වන්නේ බොර දියේ මාළු බාන්නා වූ මුස්ලිම් බලධාරීන් ද එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්  යුනානි පුරප්පාඩු නොමැති බස්නාහිර පළාතට දේශපාලනික බලය උපයෝගී කරගනිමින් නොකඩවා යුනානි වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදේ. මෙහිදී  ආයුර්වේද පුරප්පාඩු අත්පත් කරගනිමින් ඒ වෙනුවට යුනානි වෛද්‍යවරුන් සේවයට යෙදවීමෙන් ඉදිරියේදී සිංහල වෛද්‍යවරුන්ට බස්නාහිර පළාත තුල සේවය කිරීමට ඇති අවස්ථාව අහිමි කරමින් කූට අයුරින් මුස්ලිම් ආක්‍රමණයක් ද දියත් කර ඇත.

බස්නාහිර පළාත තුල අවුරුදු 5ට වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ සේවය කරන ආයුර්වේද වෛද්‍යවරුන් මෙවරද එම ස්ථානවලම ස්ථාපිත කරවා සුදුසුකම් අඩු සුළුතරයක් වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ කුට උපක්‍රමය මුදුන්පත් කර ගැනීමට නවක ආයුර්වේද වෛදවරුන්ගේ ජිවිත බිල්ලට දෙමින් පත්වීම් ලබා අවුරුදු 2ක් සම්පුර්ණවිමට ප්‍රථමයෙන් නැවත ස්ථාන මාරු ලබාදීම රාජ්‍ය සේවා කොමිසම් සභාවේ ස්වාධින බව පළුඳු වී ඇතිබවට කදිම සාක්ෂියක් වන්නා සේම එකම උපාධි පත්වීම සහිත කණ්ඩායම් දෙකටට මෙලෙස විෂම අයුරින් සැලකීමේ න්‍යාය කුමක්ද?

බටහිර වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවල පවතින විනිවිදභාවය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ස්ථාන මාරුවීම්වල නොමැත්තේ නීති සම්පාදනය කරන්නා වූ බලධාරීන්ගේ අක්‍රමිකතාවයෙන් ද? දේශපාලනික ඇඟිලි ගැසීම් වලින්ද? සූක්ෂම මුස්ලිම් කුඨ උපක්‍රම වලින්ද?

අගතියට පත් වෛද්‍ය නිලධාරීන්….

මේ වන විට පළාත් සභාව විසුරුවාහැර ඇති පසුබිමක පළාත් රාජ්‍ය සේවා කොමිසම පිලිබදව පූර්ණ බලතල හිමිව ඇත්තේ ආණ්ඩුකාරවරයාට වන අතර, ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි නිලධාරීන් පත්කිරීම හා ඉවත්කිරීම සිදුකළ හැකිය. ඒ අනුව ඉහත ජාතිවාදී ක්‍රියාකලාපය බස්නාහිර අණ්ඩුකාර ආසාත් සාලිගේ පූර්ණ ආශිර්වාදයෙන් ඔහුගේ හිතවත් නිලධාරීන් හරහා ක්‍රියාත්මක වන බවට අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත තුළ මුස්ලිම් කළාපයක්…

බේරුවල සිට මල්වාන දක්වා මුස්ලිම් බල ප්‍රදේශයක්… සියළු ආයුර්වේද වෛද්‍යවරු ඉවත් කර මුස්ලිම් (යුනානි) වෛද්‍යවරු පත්කිරීම නි.ඇමතිගෙන් බලපෑම්…

Related posts

සීමා නීර්ණ ගැසට් පත්‍රය නිකුත් වෙයි.. කොට්ඨාසවලට අයත් සභික සංඛ්‍යාව, සියළු විස්තර මෙතනින්

colombotoday

CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

colombotoday

නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයෙයි

colombotoday

පෞද්ගලික සහයකත් රනිල් හැර යයි.. දිග ලිපියක් ලියා ඉල්ලා අස්වෙයි

colombotoday

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday