Colombo Today Local News

බැදුම්කර බෑණා HDFC බැංකුවත් හොර පාරෙන් මිලදී ගන්න යයි !

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ (HDFC) කොටස් අයිතියක් නීති විරෝධී ආකාරයට මිල දී ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බව ලංකා බැංකු සේවක සංගමය ආණ්ඩුවට අනතුරු අගවා ඇතැයි වාර්තා වේ.

මෙම නීති විරෝධී මිල දී ගැනීම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කිරීමට යන්නේ නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුවේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු කොටස්වලින් 10%ක ප්‍රමාණයක් නම් කළ ඍජු මිල දී ගැනීමේ ක්‍රමය යටතේ මිල දී ගැනීමෙන් බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.

බැංකුවේ වැඩි කොටස් හිමිකාරිත්වය නිවාස සංවර්ධන අධිකාරිය සතු වන අතර එහි ප්‍රමාණය 49.73%කි. බැංකුවේ මුළු රාජ්‍ය හිමිකාරිත්වය 51.2%ක් වන අතර එම සෙසු රාජ්‍ය කොටස් අයිතිය ජල සම්පාදන මණ්ඩලය, දේපළ කළමනාකරණ අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුවේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මීට පෙර බැංකුවේ පෞද්ගලික අංශය සතු කොටස් අයිතියෙන් 10%ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති අතර පසුව එම කොටස් ප්‍රමාණය ඔවුන්ගේ අනුරූ සමාගමක් වන තර්ස්ටන් ඉන්වෙස්ට්මන්ට් සමාගමට පවරා තිබේ.

බැංකුවේ කොටස් අයිතියෙන් රාජ්‍ය අංශයේ නොවන එක් පුද්ගලයකුට මිලදී ගත හැකි උපරිම කොටස් අයිතිය 15%ක් වන අතර අනුරූ සමාගමට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිය කොටස් පවරා ඇත්තේ වංක ලෙස ඉන් මඟහැර යෑම සඳහාය.

(රාවය)

Related posts

PHIලාගේ වර්ජනයට PHFOද සහයට

colombotoday

නැගනහිර පුරාවිද්‍යා සංහාරයේ පිටුපස ඇමති හිස්බුල්ලා – පුරාවිද්‍යා කාර්යාලයත් ඉවත් කරයි

colombotoday

බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු නැති කිරීම තමයි ජාතික අපරාධ – රවී කරුණානායක

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday

දේවගැති ජෙරම් CIDයට

Admin

2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය අරඹයි

colombotoday