Colombo Today Local News

මාසේ පඩිය තිස්හතරදාහයි.. කුප්‍රකට හෙද සහායක ලක්ෂ 111 කට ඉඩමක් ගනී !

විල්පත්තු උතුරු රක්ෂිතයේ මහා වන සංහාරයක් සිදුවන බවට සාක්ෂි සාධක සහිතවම ඔප්පූ වී තිබියදී, වන සංහාරයක් සිදුවී නැතැයි පවසමින් දිගින් දිගටම පෙනී සිටීම වෙනුවෙන් පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රියට රිෂාද් බදුර්දීන් ඇමතිවරයා විසින් මුදල්, වරදාන ලබා දී ඇතැයි පරිසර සංවිධාන එකමුතුවේ පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමියෝ චෝදනා කරයි.

ඒ හිමියන් මේ බව පැවසූයේ හිරු රූපවාහිනියේ ‘බලය‘ සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි.

රුපියල් තිස්හතර දහසක මාසික වැටුපක් ලබන වෘත්තියෙන් හෙද සේවකයෙකු වන සමන් රත්නප්‍රිය මෑතකදී නුගේගොඩ ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 111කට ඉඩමක් මිලදී ගත්තේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියහ.

ආනන්ද සාගර හිමියන්ගේ ප්‍රකාශයෙන් උරණ වූ සමන් රත්නප්‍රිය, උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂගේ හිතවතෙකු බවට චෝදනා කර සිටි අතර, තවත් වරෙක කියා සිටියේ උන්වහන්සේ ජනාධිපතිවරයාගේ හිතවතෙකු බවයි. තවත් වරෙක, විල්පත්තුවේ වන සංහාරයක් වී ඇතැයි කියන්නේ බැසිල් රාජපක්ෂගේ උවමනාවටදැයි විමසමින් පරස්පර විරෝධී ප්‍රතිචෝදනා කිහිපයක් එල්ල කළේය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්

සමන් රත්නප්‍රිය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු ලෙස ආන්දෝලනයට ලක්ව සිටින අතර, ඔහු නියෝජනය කරන කණ්ඩායම දෙමළ ඩයස්පොරාවේ මුදල් මත යැපෙන පිරිසක් යැයි චෝදනා එල්ල වේ. යුද අපරාධ විමර්ෂණ ඇතුළත් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා මෙරට ජනමතය සැකසීම සදහා එම කණ්ඩායම ඇතුළු මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ඇමරිකානු ආයතනයක් විසින් විශාල මුදලක් ගෙවා ඇති බවටද පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පලවිණි. හමුදා සෙබළුන් මිනීමරුවන් බවත්, ඔවුන්ට රණවිරුවන් යැයි නොකිය යුතු බවත් සමන් රත්නප්‍රිය වරෙක මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය. මෙරට බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කරන්නැයි සමන් රත්නප්‍රිය ඇතුළු කණ්ඩායම පසුගිය දිනවලදී රජයට දැඩි ලෙස බලපෑම් කළ අතර, ඊළාම්වාදී ඩයස්පොරාවේ අවශ්‍යතාවදය එයම වී තිබිණි.

Related posts

2017 දී දැනුම් දුන් තුර්කි ත්‍රස්තයන් ගැන විමර්ශනත් ඇණහිටලා – වසන්ත සේනානායක

colombotoday

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday

විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් – පොලිස්පති

colombotoday

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

colombotoday

පොලිසිය ජනපති යටතට… අමාත්‍යාංශ විෂය පථය සදහන් ගැසට් නිවේදනය නිකුත් වේ…

colombotoday

බලය බෙදන්න තිබුණේ 1948 නිදහස ලැබෙනකොටයි… අපේ ස්ථාවරය බලය බෙදීමයි…

colombotoday