Colombo Today Local News

“ශ්‍රීලනීපයට වෙන්නේත් මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්චදේමයි“ – ජනක බණ්ඩාර තෙන්නකෝන්

තමාගේ පියා ජීවතුන් අතර සිටියේ නම් ඔහු මිය යන්නේ අද දිනයේදී බව දඹූල්ල ආසනයේ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‘ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබූ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකුද වන තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කැඳවුම්කරුවකුගේ පුත්‍රයකු බවද තෙන්නකෝන් මහතා කීවේය.

දඹූල් ආසන සංවිධායකධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

“අද පාර්ලිමේන්තුවේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැඳවුම්කරුවන් දෙදෙනකුගේ පුතාලා විතරයි. එ් ටී.බී. තෙන්නකෝන් මහතාගේ පුතා වන මමයි, ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුතාල දෙන්නයි.“

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ හදවත, අපේ පණ. අපි මේ ඉවත් කරලා තියෙන්නේ ඒකෙනුයි. ශ්‍රීලනීපය කියන්නේ සියලු දෙයින් සර්ව සම්පුර්ණ පක්ෂයක් නෙවෙයි. හැබැයි අපි කවදාවත් මේ පක්ෂය දාලා ගියේ නැහැ. ශ්‍රීලනීපය අද මේ යන ගමන දැක්කම මට කනගාටුවෙන් වුවත් කියන්න තියෙන්නේ මීතොටමුල්ලේ කුණු කන්දට වෙච්ච දේ තමයි ශ්‍රීලනීපයට වෙන්නෙත් කියලා. මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය කරා යන ගමනක් “යැයිද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Related posts

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

මැන්ඩෙලා ගිය මගේ යමු… ජනපති ලෝක නායකන්ට ඇරයුම් කරයි…

colombotoday

ජනතාව ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නෙමෙයි – අකිල විරාජ්

colombotoday

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

Admin

රාජ්‍ය ලාංඡනය විතරක් මදි, උතුරු පළාත් සභාවේ වාහන වලට පළාත් ලාංඡනයත් ඉල්ලයි

colombotoday

සයිටම් විරෝධය නැවතත් මහපාරේ ඇවිළෙයි.. කදුළු ගෑස්, අධිපීඩන ජල ප්‍රහාර දී විසුරුවාහැරේ

colombotoday