Colombo Today Local News

වරාය ගිවිසුම හදන අනුකමිටුවෙන් ඇමති චම්පික ඉවත් වෙයි !

හම්බන්තොට වරාය ප්‍රතිව්‍යුහකරණය කිරීමට අදාළ අනුග්‍රාහක ගිවිසුම සකස් කොට ක්‍රියාවට නැංවීම සඳහා පත්කර ඇති අනුකමිටු සාමාජිකත්වයෙන් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉවත්වීමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති මෙම අනුකමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස මලික් සමරවික්‍රම, අර්ජුන රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර සහ සාගල රත්නායක අමාත්‍යවරු සිටිති.

මේ අතර ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කැබිනට් අනු කමිටුවේ තීරණය ඒමටද පෙර, හොර රහසේ වරාය ගිවිසුම අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කැබිනට් අනුකමිටුවේ තීරණය ඒමටද පෙර මෙවන් තීරණයක් ගැනීම දේශපාලන අර්බුදයක් දක්වා පරිවර්තනය වනු ඇති බවද මන්ත‍්‍රීවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Related posts

ඇමරිකාවත් සෙලවෙයි

Admin

කාල්ටන් නිවස අසළ උණුසුම් තත්ත්වයක්

colombotoday

රබර් ඉඩමක මළසිරුරක්

colombotoday

“ඔබතුමා අත්අඩංගුවට ගන්නවා අපි කරනවා.” අනුරකුමාර දිසානායක උද්ඝෝෂණ ගැන පොලිස් ඇමතිට අභියෝග කරයි.

colombotoday

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

colombotoday

“කළය හෝදන මිනිහ අතින් තමයි කැඩෙන්නේ“.. මට ඕන ඉන්න ටිකේ මහනුවරට දෙයක් කරන්නයි – ආණ්ඩුකාර මෛත්‍රී

colombotoday