නැවතත් හිස ඔසවා ඇති ආයුධ සන්නද්ධ කල්ලි නිසා තම ආරක්ෂාවට ගැටළුවක් ඇතිවී තිබෙන බැවින්, තම ආරක්ෂා සම්බන්ධයෙන් රජය සහතික විය යුතු බව පවසමින් යාපනයේ රජයේ සේවකයෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.
යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව, උද්ඝෝෂකයන් විසින් සිය ඉල්ලීම් ඇතුළත් සංදේශයක් යාපනය දිස්ත්රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතාට බාරදෙන ලදි.