Colombo Today Local News

‘ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාව එක්ක හවුලේ බෙදා ගන්නවා’ – කබීර් හෂීම්

ත්‍රිකුණාමල තෙල් ටැංකිවල මූලික අයිතිය ලංකා රජයට හිමිවන පරිදි එයින් 14 ක් ඉන්දියානු තෙල් සමාගමටත්, 10 ක් ලංකා ඛතිජ තෙල් නීති ගත සංස්ථාවටත්, ඉතිරි 74 දෙරට අතර හවුල් ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යාමටත් එකඟතාවයකට පැමිණ ඇතැයි රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යංශයේ (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

ත්‍රිකුණාමල වරාය හා තෙල්ටැංකි ඉන්දියාවට විකිණිමේ සැලැස්මක් තිබේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ලංකාවේ කිසිදු වරායක් විකිණිමේ සැලැස්මක් නැති අතර එසේ කරන බවට වැරදි මතයක් සමාජයේ පැතිරි ඇති බවත් පැවසීය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මීට පෙරත් ඉන්දියාවට පවරා තිබූ බවත් මෙතෙක් කිසිදු ආයතනයක් හෝ ශ්‍රී ලංකා රජය හෝ මේ තෙල් ටැංකි සියල්ල භාවිතා කර නොතිබුණ බවද පැවසීය.

එසේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මෙම ටැංකිවලින් කිසිවක් මෙතෙක් හිමිව නොතිබූ බවද පැවසූ කබීර් හෂීම් මහතා අගමැතිවරයාගේ උපදෙස් පරිදි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පසුගිය දා ඉන්දියාවට ගොස් සාකච්ඡා කළ බවත් එහිදී ඉහත එකඟතාවයන්ට එළැඹී ඇති බවත් ඒ සියල්ල සිදුවන්නේ ගිවිසුමක් අනුව පමණක් බවත් පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දියකට රජය එකඟ වෙයි

Admin

රජය සහල් මාෆියාවට ඉඩ දී කරවල මිළ පාලනය කරයි.. “හාල් මිළ පාලනය නොකලේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද? – ජනපතිගෙන් විමසයි

colombotoday

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

colombotoday

මාලිගාවත්ත සලාම් ජුම්මා පලිලියෙන් මතුවූ අවි ආයුධ මෙන්න

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday