Colombo Today Local News

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් මියගිය පුද්ගලයෙකුට ලබාදෙන බව ප්‍රකාශ කරන රුපියල් ලක්ෂයේ වන්දිය ප්‍රතික්ෂේප කරන බව කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

කුණු කන්ද මෙරට දේශපාලඥයන්ගේ හා බලධාරීන්ගේ උවමනාවට සකස් වූ එකක් බවත්, මේ නිසා රුපියල් ලක්ෂයක වන්දියක් ලබාදී ඔවුන් කළ පාපය වසාගත නොහැකි බවත් එම සංවිධානයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේය.

මේ නිසා රජයේ චක්‍රලේඛවලට පිටින් යමින් විශේෂ අවස්ථාවන් සේ සලකා මියගිය පවුල්වල ඥාතීන් හා ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කර සුදුසු වන්දියක් ලබාදිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.

මුලින්ම රජය විපතට පත්වූ ජනතාවගේ පවුල් සමග විධිමත් සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත්, එවැනි සාකච්ඡාවක් මෙතෙක් සිදුකර නොමැති බවද නුවන් බෝපගේ මහතා සඳහන් කළේය.

Related posts

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

ඉන්දියාවට පළාගොස් සිටි තෙල්බාලා හෙවත් කරුපයියාගේ මළ සිරුර කටුනායකට

colombotoday

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

එදා ලොව අංක එද දිනූ ‘කොළඹ කොටස් වෙළදපල‘ කළාපයේ පහලටම ඇද වැටේ !!

colombotoday

රනිල් – සජිත් රහසේ හමුවෙති

colombotoday

බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි චෝදනා ගොනු කරන්න නීතිපති සුදානමින්

colombotoday