දෙමළ, මුස්ලිම් සහ ඉන්දියානු දෙමළ යන ජනවර්ග වලටද උප ජනාධිපති ධුරයක් ඇතිකල යුතු බව රාජ්‍ය භාෂා හා ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.
සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
“මේ රටේ ප්‍රධාන ජාතීන් හතරක් ඉන්නවා. සිංහල, ලාංකික දෙමළ, මුස්ලිම්, ඉන්දියානු දෙමළ. මේ රටේ සිංහල පුද්ගලයෙකු ජනාධිපතිවරයකු වුණහම සිංහල අයෙකු තමයි අගමැති බවට පත්වෙන්නෙත්. ඒ නිසයි උප ජනාධිපති ධුරයක් ඇති කරලා, එම ධුරයේ ධුර කාලය තුනකට බෙදලා, එම ධුර කාල තුනේදී ලාංකික දෙමළ, මුස්ලිම්, ඉන්දියානු දෙමළ ජාතීන් ඒ ධුරය හෙබවිය යුතු බවට අපි යෝජනාවක් ඉදිරිපත් කළේ. එහෙම ධුරයක් ඇති කළොත් මේ රට අපි හැමෝටම අයිති රටක් කියන හැගීමක් ඇති වෙනවා. රටේ ප්‍රධාන තනතුරු ප්‍රධාන ජාතිය සතු වෙන්න ඕන කියල කියනවා නම් ඒක තමයි බෙදුම්වාදය. උප ජනාධිපති ධුරය ලබා දෙන්න ඕනෑ දේශපාලන පක්ෂයකට නෙවෙයි. රටේ පිළිගත් සුළු ජාතියකටයි. අපි කොටසක් නෙවෙයි ඉල්ලන්නෙ. අපිත් මේ රටේ කොටස් කාරයෝ කියල තහවුරු කර ගන්නයි ඕන.“ යැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
කේසේ වෙතත් ජාතික සංහිදියා ඇමතිවරයා ‘ජාතිය‘ හා ‘ජනවර්ගය‘ පටලවාගෙන තිබෙන බව පෙනේ. මේ රටේ ප්‍රධාන ජාතීන් හතරක් ඇතිබව ඔහු කියයි. එක්සත් ජාතීන්ගේද නිර්නායක පරිදි, ජාතියක් යනු යම් නිශ්චිත භූමි ප්‍රදේශයක සිස්ටාචාරය, සංස්කෘතිය, සභ්‍යත්වය ඓතිහාසිකව ගොඩනැගූ ජන කණ්ඩයම වේ. ඒ අනුව මේ රටේ ‘ජාතිය‘ වන්නේ ඓතිහාසිකව සිස්ටාචාරය, සංස්කෘතිය ගොඩනැගූ සිංහල ජාතියයි. අන් සියල්ලොම ‘ජන වර්ග වේ‘. මේ රට තුළ දෙමළ, මුස්ලිම් ජන වර්ග ‘ජාතීන්‘ලෙස හැදිවීමම වැරදි අර්ථදැක්වීමක් වන අතර එය මේ රටේ ඉතිහාසය ගොඩනැගූ “සිංහල ජාතියට“ කරන අසාධාරණයක්ද වෙයි. මෙරට පාලකයන්, පඩියන් හා බෙදුම්වාදීන්ද ආදර්ශ ගන්නා බටහිර සියළු රටවල් සුළු ජනවර්වලට සහ සංක්‍රමණිකයන්ට සලකන්නේ දෙවැනි පංතියේ පුරවැසියන් ලෙසය. ‘ජාතියට‘ අභියෝග කරමින් පාලන බලය ඉල්ලීමට එම රටවලදි සුළු ජනවර්ග වලට කිසිදු ඉඩක් ලබා නොදෙයි. සංහිදියාව තකා උප ජනාධිපතිකම් ඉල්ලනවා තියා සිතීමටවත් ඉඩක් නැත. ඉංග්‍රීසි සංස්කෘතිය පිළිගැනීමට බැරිනම් බ්‍රිතාන්‍යයෙන් පිටවෙන්නැයි අගමැති කැමරන් එරට සුළු ජාතිකයන්ට කීවේය. ඕස්ට්‍රේලියා අගමැතිනි ජූලියා ගිලාඩ් ද එයම කියයි. රුසියාවේ පූටීන් කියන්නේත් ඒ කතාවමය.
එහෙත් මෙරට තත්ත්වය හාත්පසින්ම වෙනස් වේ. දෙවැනි පංතියේ පුරවැසියන් ලෙස නොසළකා දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු සුළු ජනවර්වලට ‘සිංහල ජාතිය‘ භුක්තිවිදින සියළුම දේශපාලනික, සාමාජයීය අතිවාසිකම් ලබා දී තිබේ. “දෙමළාට දෙමළ වීම නිසා හෝ මරක්කලයාට මරක්කල වීම නිසා මේ රටේ ප්‍රශ්නයක් ඇති වී තිබේද?“ මහාචාර්ය නලින් ද සිල්වා දශක දෙකක් තිස්සේ අසන මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට කිසිවෙක් ඉදිරිපත්ව නැත. “මේ රට සිංහල බෞද්ධ රටක්“ යැයි පිළිගැනීමට තමා සූදානම් නොමැති බව සංහිදියා ඇමති මනෝ ගනේෂන් පසුගියදා කීවේය. (මනෝ ගනේෂන් යාපනේ නාවක්කුලියෙන් සිංහල ජනතාව පලවාහරින්නැයි උද්ඝෝෂණය කළ සහ බෙදුම්වාදය වෙනුවෙන් සෘජුවම පෙනී සිටිමින් කොටින්ගේ පොංගු තමිල් වේදිකවට ගොඩවූ පුද්ගලයෙකු බව අමතක නොකළ යුතුය) ග්නේෂන් මෙන්ම දෙමළ ජාතිවාදීන්, මිශනාරීන්, මාක්ස්වාදීන්, බෙදුම්වාදීන් මෙන්ම කොන්දක් නැති ඇතැම් සිංහල දේශපාලකයන්ද එයම කියති. සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගැනීමට බැරිනම් මේ රටෙන් පිටවෙන්නැයි මනෝ ගනේෂන්ලාට තවම කවුරුත් කියා නැත !!
දීප්ත