Colombo Today Local News

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට දඩ

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය රු. ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ.

ඒ, අදාළ සැකකරුවන් ඊයේ (3) දින නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයේ නිලධාරින් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ය.

එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගත් බැවින් එක් අයෙකුට රු. ලක්ෂය බැගින් තිදෙනාට රු. ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙසට නුවරඑළිය මහේස්ත්‍රාත් සංජීව නාලක විරසිංහ නියෝග ක‍ර ඇත.

ඔවුන් තිදෙනා නුවරඑළිය, නානුඔය සහ ලිඳුල ආගරකන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයේ දිස්ත්‍රික් නිලධාරී අමිල රත්නායක පවසයි.

තව ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ නුවරඑළිය අධිකරණ බල සීමාවේ ප්‍රධාන නගර කිහිපයක ම වැටලිම් සිදු කර සැකකරුවන් 16 දෙනෙකු ද අධිකරණය හමුවට ඉදිරි පත් කර තිබේ.

එම අවස්ථාවේ එම සැකකරුවන් ද වරද පිළිගත් බැවින් ඔවුන් සියලු දෙනාට රු. පනස් දෙදහසක දඩයක් ගෙවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව රත්නායක මහතාපවසයි.

මෙවැනි වැටලීම් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා ම අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩි දුරට ත් සඳහන් කරයි.

Related posts

අනුමත සීමාව ඉක්මවා ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරනු. දකුණේ ආණ්ඩුකාර කැෆේ කිර්තිගෙන් නියෝග

colombotoday

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin

කුඩු පානයට ඇබ්බැහි වූ ගැබිණියක එරමුදුගොල්ලේදී අත්අඩංගුවට

colombotoday

‘පොලිස් බලතල ගන්න පොලීසියට බැදෙන්න‘ – විග්නේශ්වරන් උතුරේ දෙමළ තරුණයන්ගෙන් ඉල්ලයි

colombotoday

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම නවතයි

colombotoday