Colombo Today Local News

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (5) සහ අනිද්දා (6) දෙදින තුළ අමුත්තන්ට බන්ධනාගාර සිරකරුවන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දින දෙක තුළ සිරකරුවන්ගේ ඥාතීන් විසින් නිවසේ සිට රැගෙන එන ආහාර පාර්සල් සහ රසකැවිලි එක් අයකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ඇත.

බන්ධනාගාර නීති රීති වලට අනුකූලව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අමුත්තන් පෙන්වීමට කටයුතු සිදු වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

දිවයිනේ සියලු බන්ධනාගාර ආයතන විසින් මෙම පහසුකම ලබා දී ඇති බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

චීනය ලංකාවේ කරන වැඩ ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

නව ලෝක වාර්තාවක්

Admin

පාසල් දැරියන්ට කලිසම ගලවා පෙන්නන පොලිස් කොස්තාපල්

colombotoday

IMF නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර අද තවත් නිල සාකච්ඡාවක්

Admin

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin