අල්ලස් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරයෙකු වැලිගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බව සඳහන් ය.
රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සඳහා සහයෝගය ලබාදීම වෙනුවෙන් සැකකරු මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව වාර්තා වෙයි.