Colombo Today Local News

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් ගැන සොයා බැලීමට විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටෙි තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවෙියැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව මෙම කඩිනම් තීරණය ගෙන ඇත.

අදාල බුද්ධි තොරතුර ලැබීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාට අද (29)දින උපදෙස් දෙනු ලැබූවේ පොලිස්පතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවෙි එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ඇරැඹුමෙිදීම ආගමික සංහිදියාව බිද දමමින් ජන කොටස් අතර විරසකයක් ඇති කොට යළි රට කඩා වැට්ටවීමට උත්සායක් ක්‍රියාත්මක බවට ජනාධිපතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරින් කරුණු අනාවරණය වී ඇත.

මෙවැනි කඩාකප්පල් ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ආගමික සංහිදියාවට බාධාවන කරුණු සමාජයට පැමිණීමට පෙර ඒවා වලක්වා ගැනීමේ වගකීම අලුතින් ස්ථාපිත කෙරෙන නව පොලිස් ඒකකයට පැවරෙයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉතා කඩමින් නව පොලිස් ඒකකය පිහිටුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා පවසයි.

Related posts

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

Admin

මාර්තු 1 වනදා සිට 9 දා දක්වා කාලය ඇතුලත මෙරටට ඉතාලියෙන් පැමිණි 1000ක් වෙන්නප්පුව, හලාවත, මීගමුවේ නිදැල්ලේ…

colombotoday

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday