World

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප් දිනයි

තුර්කි ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිසේප් තායිප් යළිත් වරක් ජය තහවුරු කර ගත්තේ ය.

ඒ, දෙවන වටයේ ඡන්ද විමසීමේදී 52.16 % ක බහුතරයක් හිමි කරගනිමින් ය.

පසුගිය මැයි 14 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට50% කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි විය.

ඒ හේතුවෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් තරගකරුවන් දෙදෙනා අතර දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්විණි.

තුර්කි විපක්ෂ නායක කෙමාල් කුලුච් දරෝලු පරාජයෙන් පසු කියා සිටියේ, එය ඉතා අසාධාරණ මැතිවරණයක් බවයි.

2014 වසරේදී රිසෙප් තායිප්, පළමු වරට තුර්කි ජනාධිපති ධුරයට පත්විය.

ජනාධිපතිවරණයෙන් යළි ජයග්‍රහණය කළ ඔහුට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුළු ලෝක නායකයින් රැසක් සුබ පැතුම් එක් කර තිබේ.

Related posts

ෆේස්බුක්, වට්සැප් බිඳ වැටීමෙන් ට්විටර් වාර්තාවක් තියයි | සමාජ ජාලා බිඳ වැටීමට හේතුව එළියට

colombotoday

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

රුසියානු හමුදාවෙන් රුසියාවේ නගරයකටම බෝම්බ හෙළීමක්

Admin

සුප්‍රකට පොප් ගායිකා Coco Lee මියයයි

Admin