පවතින ආර්ථික තත්ත්වය තුළ විනිමය අනුපාතිකය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් නොවන බව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය සහ ආයෝජන ප්‍රවර්ධනය මැයෙන් ඊයේ (25)දින කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඒ අනුව එය වෙළඳපොල බලවේග අනුව තීරණය කෙරෙන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ.