Colombo Today Local News

විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කරයි.

වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන 6ක් පූජා භූමි ලෙස නම් කර තිබේ.

පුත්තලම, කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල විහාරස්ථාන 6ක් එලෙස නම් කළ බව බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව පුත්තලම කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම මහා විහාරය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරය, ගම්පහ සිරි පැරකුම්බා රජමහා විහාරය, කෑරගල පද්මාවතී පිරිවෙන, බියගම ශ්‍රී සුධර්මාරාමය සහ කුරුණෑගල තිස්සව රජමහා විහාරය පූජා භූමි ලෙස නම් කර ඇත.

මීට අදාළ සන්නස් පත්‍ර රාජ්‍ය වෙසක් උත්සවයේදී ජනාධිපතිතුමා විසින් විහාරාධිපතිහිමිවරුවන්ට පිරිනැමීමට නියමිතය.

Related posts

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

කොළඹ පාසල් සතියකට වැසෙයි

colombotoday

රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්

colombotoday

“ආවා“ටත් වඩා නෙස්ලේ “නෙස්ටී“ දරුණුයි.. මාරාන්තිකයි.. අවා ගැන හොයන සෞඛ්‍ය ඇමති මේවා ගැන නිහඩයි

colombotoday

යහපාලන රජය පාලම හැදුවේ නැහැ.අනාරක්ෂිත පාරුවට අවසර දී ඇත්තේ කින්නියා නගර සභාවෙන් – නිමල් ලන්සා

colombotoday

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

Admin