Colombo Today Local News

ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දෙන්න බාධාවක් නෑ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා ගෙවිය හැකි බවත් පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පවසයි.

රාජ්‍ය සංස්ථාවල සේවකයන්ට පාරිතෝෂික නොවන ලෙස මහා බන්ඩාගාරයෙන් මේ දක්වා කිසිඳු චක්‍රලේකනයක් නිකුත් කර නොමැති බව පවසන බන්දුල සමන් කුමාර මහතා වසර තුනක සේවක සමුහික ගිවිසුම් අස්සන් කර තිබෙන නිසා නිත්‍යානුකූල ප්‍රශ්නයක් නොමැති බව ද සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ‘කොවිඩ්’ සමයේ ද අඛණ්ඩව සේවය කළ බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

Related posts

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

Admin

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

කොස්ගොඩ තාරකත් පොලිසියෙන් වෙඩි කයි

colombotoday

තරුණයන් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට යද්දී සමලිංගිකතාව නිතිගත කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

මේ වසරේදී සරසවි ඇදුරෝ අටසීයක් රට හැර ගිහින්

Admin

කොළඹ උඩින් යන රක්ත, හරිත, නීල සහ දම් දුම්රිය

colombotoday