Colombo Today Local News

පාස්පෝට් කාක්කෝ 9ක් අල්ලයි

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19)දින අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම සැකකරුවන් මෙහි සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොර පාරෙන් සකස් කරන පුද්ගලයින් බවද එම අමාත්‍යාංශය පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබු අතර මාධ්‍ය මඟින් ද මේ බව හෙළි කර තිබුණි.

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ(18) දිනයේදී නියෝග කර තිබුණි.

ඒ අනුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැනුම් දී ඇත.

Related posts

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දමයි

colombotoday

හිස්බුල්ලාගේ බැටික්ලෝ කැම්පස් ගොඩනගන්න ඉඩම ලැබුණු හැටි පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

colombotoday

UPDATE මංගලාරාමය වටකර සහජීවනය පෙන්වූ අන්තවාදීන් විශේෂ කාර්ය බළකායෙන් පලවාහරී

colombotoday

Facebook විහිළුව හැබැවටම. | කහපාට ගෑස් සිලින්ඩරේ නිල්පාට කර මුදලාලිව අන්දලා

colombotoday

UNP ය රෙදි ගලවගෙන.. දේශීය ව්‍යාපාරිකයන් නැති භංගස්ථාන කරනවා – දයාසිරිගෙන් එජාපයට චෝදනා

colombotoday